Scream 🎬👻 | 5% For SL-Charity

in hive-133716 •  7 months ago 

"Do you watch scary movies? What's your favourite?"

මේ විදියට රාත්‍රියේ නිවසේ තනිවම ඉන්න වෙලාවක එන නන්නාඳුනන දුරකථන ඇමතුමකින් ඇරඹෙන සංවාදය අවසන් වෙන්නේ දරුණු මිනීමැරුමකින්. මේ නන්නාඳුනන ඇමතුමට පිළිතුරු දෙන ඕනම කෙනෙකුට අත් වෙන්නෙ එකම ඉරණම. මේ සිද්ධියට මුලින්ම මුහුණ දෙන්නෙ කේසි සහ ඇගේ පෙම්වතා. හැමෝම මේ නිසා ඉන්නෙ බයෙන්. කවුරුත් මිනීමරුවව හඳුන්වන්නෙ ghost face කියලා. මොකද මිනීමරුවා එන්නෙ ghostface mask එකක් දාගෙන.

IMG_20220221_134120_996.jpg
Source

ඊළගට ඔය සිද්ධියට මුහුණ දෙන්නෙ සිඩ්නි. Ghost face ට වැඩ වරදින්නෙ එතනින්. කවුද මිනීමරුවා, ඇයි එහෙම කරන්නේ කියලා මම මේකෙ ලියන්න යන්නේ නෑ. මම තැනකදි මිනිමරුවා කවුද කියලා හරියටම guess කරා සපත්තුව නිසා. 🌚 හැබැයි ඒ දැනගෙන හිටියත් මම කොහොමත්ම බලාපොරොත්තු වුණේ නැති අවසානයක් තමා මේකෙ තිබුණේ. ඒ නිසා ඒක බලන එකම තමයි වටින්නේ. මම මේ කිව්වෙ Scream (1996) ෆිල්ම් එක ගැන. මේක Scream චිත්‍රපට එකතුවේ පළවෙනි චිත්‍රපටිය. මේ වෙද්දී Scream චිත්‍රපට 5ක් release වෙලා තියනවා.

Scream 1 (1996)
Scream 2 (1997)
Scream 3 (2000)
Scream 4 (2011)
Scream 5 (2022)

IMG_20220221_135625_724.jpg
Source

අලුත්ම Scream ෆිල්ම් එක පහුගිය දවසක release වුණා. පළවෙනි එක බැලුවට පස්සේ ඉතුරු කොටස් ටිකත් පිළිවෙලට බලාගෙන එන්න හිතාගෙන හිටියට ප්‍රවීන් කිව්වා ඒ කොටස් වැඩක් නෑ කියලා. 🤨 ඒ වුණාට මට කවදාවත් serial killer ෆිල්ම් එකක් වැඩක් නැති වෙන්නෑ. 😌 ඒ වුණාට කොහොමහරි ඒ ටික අතෑරලා මම Scream 5 බලන්න හිත හදාගත්තා.

barrera.jpg
Source

අලුත් ෆිල්ම් එකෙත් Tara ට අර විදියටම එන දුරකථන ඇමතුම අවසන් වෙන්නේ ඇයට බරපතල විදියට තුවාල කරලා. Tara ගේ අක්කා Sam තමයි මේ කතාවේ ප්‍රධාන චරිතේ. එයා Scream 5 එකට සම්බන්ධ වෙන විදිය දැන ගන්න නම් Scream 1 (1996) ෆිල්ම් එක බලන්න ඕන. අවුරුදු 25කට පස්සෙ ආයෙත් ඒ බය අලුත් කරනවා.

ඉතින් නිවාඩු දවසකට බලන්න හොඳ ෆිල්ම් සෙට් එකක් තමයි මේක.

"There are certain rules to surviving a Stab movie. Rule 1: never trust the love interest. Rule 2: what is the killers motive? Rule 3: the 1st victim always has a friend group that the killers a part of."

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

3rd rule is the most dangerous one 😨.

That's right 😬

it's scary, i don't know the killer ghost because i'm afraid to see.😷

Aren't we all? 🤧

Scary movies ඉතින් slasher horror + comedy නේ.. ඒක වටහාගෙන බලන අයට සුපිරි ආතල් එකක් ගන්න පුළුවන් 😂

Eka attac habai 🎃

මුල් හතරෙන් බලල තියෙනො 🙂මොකක්ද කියලනම් මතක නෑ හැබැයි දැන් 🙈

Mthak kragnna kale hari dn 🙊

ඒක නම් මරු වගේ 😱

Oww mm hithuwata wda niyamai🙊

හරිම ඉන්ටරස්ටින්ග්. කුතුහලය ඇවිස්සෙන විදියට ලියලා. මේක කියවන කෙනෙක්ට බලන්නම හිතෙනවා. 😁

Niwaduwe balnna 1,5 films niyamai 🙊🙊

🤥

Bayai netha 😌

බලමු ..බලමු....😊😊😊😊

🙊🙊