ඇත්තටම අද සෙනසුරාදා නිවාඩු දවස ගෙවන්න එහෙම ලොකු ප්ලෑන් එකක් මට තිබුනෙම නැහැ. උදේ හිතුවෙනම් අද මම බාගෙට ගොතලා තියපු සතෙක්ව ගොතනවා කියලා. ඒත් ඉතිං ඕවා හිතෙන විදියටම වෙන්නෙ නැනෙ.
ෆෝන් එක ටික වෙලාවක් ඔබ ඔබ ඉඳලා, අක්කට පොරොන්දු උන පොඩි එම්බ්‍රොයිඩර් වැඩකට සෙට් උනා. මොකද මම ඒ වැඩේටත් හරිම ආසාවෙන් හිටියෙ සහ අක්කටත් මගෙන් ඒකට පොඩි ගයිඩ් එකක් ඕන වෙලා තිබුනෙ.
අපිට ඕන දේවල් වලට ගැලපෙන රූප ගොඩක් ඒවා පින්ටරෙස්ට් එකෙන් හොයාගන්න පුලුවන්. මම ඒකෙ දකින මැහුම් ගෙතුම් එහෙම ඇල්බම් එකක් හදලා සේව් කරගෙන එහෙම ඉන්නෙ.
ඔය වැඩ කරගෙන ඉන්න අතරෙ තමයි ඔවිඳු මැසේජ් එකක් දාලා තිබුනෙ පොඩි රවුමක් දන්න යමුද කියලා. ඔය වගේ වෙලාවට සෙට් වෙන සෙට් එකක්ම ඉන්නවා. මටත් එහෙම ලොකු ප්ලෑන් තිබුනෙ නැති නිසා වැඩේට කැමති උනා. අන්තිමට බලද්දි යන්න ඉන්නෙ මම, ඔවිඳු, යසිරු විතරයි. අංජලී නැති පාඩුව තමයි ඉතිං. එයාලාට කැම්පස් පටන් අරගෙන, හිටියනම් එහෙම කට්ටියම ගෙන්න ගන්නවා.
ඔවිඳු, යසිරු කියන්නෙ මට කැම්පස් කාලෙ සෙට් උන යාලුවො දෙන්නෙක්. යසිරුනම් ඉස්කෝලෙ යන කාලෙ දන්නවා උනත් යාලු ෆිට් එකක් තිබුනෙ නැ ඒ කාලෙ. ඔවිඳු අපේ අල්ලපු ගමේ උනත් අපි දෙන්න අඳුන ගත්තෙ කැම්පස් එකෙදි 😅. ෆස්ට් ඉයර් කාලෙ අපි තුන් කට්ටුව තමයි එකට ගෙදර එන්නෙ කැම්පස් යන්නෙ.
කැම්පස් තුන්කට්ටුව
මුලින්ම අපි ගියේ හික්කඩුව බීච් එකට. එතන ගොඩක්ම හිටියෙ විදෙස් සංචාරකයින්. ලංකාවෙ අයත් ටික දෙනෙක් හිටියා. සාමාන්‍යයෙන් බීච් එකකට ගියාම කුනු ටිකක් හරි දකින්න තිබුනත්, මේ හරියනම් හරිම පිරිසිඳුවට තිබුනා. අපිට පොඩ්ඩක් පුදුමත් හිතුනා, කුනු කූඩ මුකුත්ම නැතුවත්, පොලිතීන් ප්ලාස්ටික නැතුව තිබුන නිසා.
බීච් එකේ ඇවිදල, ෆොටෝ එහෙමත් සෑහෙන ප්‍රමනයක් අරගෙන අයිස්ක්‍රීම් එකකුත් කාලම ආවා. කලින් කිව්වා වගේ කුනු කූඩ නැති නිසා අයිස්ක්‍රීම් කොල ගෙදරම අරගෙන ආවා. ඒ එනගමන් පීසා හට් එකේ දුක සැප බලන්නත් අපි අමතක කරෙ නැ.
ගෙදර ආවට පස්සෙ අම්මා කිව්වා ඉස්සර තාත්තාලගෙත් මේ වගේ කොල්ලො දෙන්නයි කෙල්ලයි විදියෙ යාලුවො තුන්කට්ටුවක් හිටියා කියලා. එතකොට මට මතක් උනේ උපන් දා ඉඳලා ඉන්න අයියල දෙන්නයි මමයි තුන්කට්ටුව තමයි හොඳම තුන්කට්ටුව කියල.
අවුරුදු 27ක් පුරා යාලුකම
3e set mai ne😁🙌
kohomda dan sathutin kewwada?🤣
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Eka tamai 😅.
Loku dukak nalu 🙊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Piyawarak ganna wenawa mekata😡
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Gamu enm balanna piyawarak🙊😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Daduwamak denna ona😕
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ehenm oyatat danduwam karanwa 😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🤣🤣🤣🤣
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mulai agai balala confuse unama medayj kiyewwa...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Oyala meda kiyawanne nati nisa tamai confuse kare 🤓🤣
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ශෝක්. මාත් ඇතුලු ඔය විදියෙ තුන් කට්ටුවක් මටත් ඉන්නවා.😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mama dakka eda oya galleface giya kiyala damma denna neda e 🙊😁.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit