ජූලි නවය ඓතිහාසික දවසක්

in hive-133716 •  3 months ago 

IMG-20220711-WA0051.jpg

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. ශ්‍රීලංකාව අද වැටී තියෙන තත්වය දවසින් දෙකින් වූවක් නෙවෙයි. අපි මේ විදින දුක් වලට කන කට්ටට රාජපක්ශ රෙජිමය ප්‍රමුඛ රට පාලනය කරපු දේශපාලකයින් දූශිත රාජ්‍ය නිලධාරිනුත් වග කිවයුතු වෙනව. ඉතින් මේ වනවිට රට පාලනය කරන අසාර්තකම පාලකයෙක් වුනු ජනාධිපතිට ධූරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා අරගලයක් ආරම්භ වුනේ මීට මාස තුනකටත් පෙරයි. වියයුත්ත ඉක්මනින් සිදු නොවුනත් එහි ප්‍රතිඵලයක් ලෙස අගමැති සහ රටේ වැදගත් අමාත්‍ය ධූර සියල්ලම වගේ දැරූ රාජපක්ශවරුන් ඉවත් වුනා. නිර්පාක්ශික සහ සාමකාමී අරගලයක් වු මෙය ප්‍රමුක අරමුණ සාක්ශාත් කර ගැනීම සදහා තව දුරටත් පැවතියා. අවසානයේ ජූලි නවය දැවැන්ත අරගලයක් සංවිධානය වුනා.
IMG-20220711-WA0056.jpg
දෙපාරක් ගෝල්ෆේස් ගියපු මට මේකට යන එක ඕනම වුනා. ඉතින් මිනිස්සු සෑහෙන්න මේකට එකතුවෙන බව දන්න නිසාම ජනාධිපති ඇදිරිනිතිය දැම්ම. කෝච්චි වර්ජණය කරා. බස් වර්ජනයක් කරා. ගෝල්ෆේස් යන වැඩේ බැරි උනත් මේකට
පුලුවන් විදියට මොකක් හරි කරන්න ඕන කියලම දැනුණ නිසා උදේ අශේන්ට කතා කරල ගාලු යමුද ඇහුව. ඌත් දෙවෙනි නෑ මේවට විනාඩි පහෙන් ලැබුනු උත්තරෙත් එක්ක අපි බද්දෙගමට සෙට් වුනා. බද්දෙගමින් යන්න බස් නැති නිසා අන්තිමට ලොරියක තැලිල මාර අමාරුවෙන් ගාල්ලට යාගන්න පුලුවන් වුනා. අපි දෙන්න ගාල්ලෙ තිබ්බ අරගලේ අතරෙ කොලබ යන්න බැරි වුන එක ගැන සෑහෙන්න දුක් වුනේ කොල්ලො කෙල්ලො සෑහෙන්න ඇවිත් තියෙනව දැක්කම. ඒත් පුලුවන් විදියට දෙයක් කරා නේද කියල හිත පොඩ්ඩක් හරි සනසගන්න අපිට පුලුවන් උනා. උදේ ඉදන් හවස් වෙනකන් අරගලේ ඉදල ආයිත් ගෙදර එන්න වුනෙත් බාගයක් දුර බස් එකකයි , ලොරියකයි, පයිනුයි තමයි.

IMG-20220711-WA0045.jpg

කොහොමහරි ගෙදරට එද්දි කකුල් දෙක කඩල දාල වගේ. ඒත් දුකක් නෑ මොකද කොල්ලො කෙල්ලො එකතු වෙලා කරපු දේ ප්‍රතිඵල හවස් වෙද්දි බලාගන්න පුලුවන් වුනා .අන්තිමට අධික බලයක් සහිත ජනාධිපති කෙනෙක්ට අඩියක් පස්සට අරන් පරාජය බාරගන්න සිද්ධ වුනා. අරගල කරල මොනව ලබාගන්නද කියල් අහපු මිනිස්සුන්ට ඔලුව පහත් කරන් යන්න සිද්ධ වුනා. ඉතින් රටේ මිනිස්සු ඔක්කොම වගේ 13 වෙනිද වෙනකන් බලන් ඉන්නව ඒ පරාර්තකාමී ජයග්‍රහණය අත්විදින්න. අන්තිමට කියන්න තියෙන්නෙ රාජපක්ශ කියන්නෙ එක පවුලක් ඒත් මේක රටක්.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Gammc thamai nedaa. Go Home Gotaaaa

😎😎😎

Niyamai malli. Oyala galle hri giya eka sahena loku kotasak meke.

කොලබ යන්න තිබ්බනම් තවත් හොදයි හැබැයි 🙂

අපිත් ආසාවෙන් හිටියෙ යන්න.ඒත් යන්න විදියක් නැති නිසා අරගලේට එන්න බැරි උනා. රට බේරගන්න අරගලේට ගිය හැමෝටම ගොඩක් ස්තූතියි. රාජපක්ෂ ලා ඉක්මනින් ගියොත් මේ ගොඩක් ප්‍රශ්න විසදෙයි

ඔව් 😐