අපි ඉපදුනේ වැරදි කාලෙකද?

in hive-133716 •  4 months ago 

IMG-20220605-WA0008.jpg

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. ගිය දවස් දෙක තුන අශේන්ටයි මටයි ලොකු සතුටක් එක්කම දුකත් එක්ක ආපු.දවස් කීපයක් . මොකද අපිට ගිය දවස් ටිකේ එක දිගට ඕඩර්ස් කීපයක්ම ආව. එහෙම ඕඩර්ස් එද්දි ඇත්තටම ගොඩක් සතුටුයි . අපි එක පොට් එකක් හදල සම්පූර්ණ කරන්න වරුවක් විතර ගතකරනව. ඒත් ලොකු ලාභයක් තියන් නෙවෙයි . ආසාව නිසාම පටන්ගත්ත වැඩක් නිසා ඕඩර් එකට උපරිම සාධාරණයක් කරන්න අපි මහන්සි වෙනව. අපි කිව්වට අශේනුයි අක්කයි තමයි වැඩිපුර 🙈. කොහොම උනත් අකමැත්තෙන් අපිට ටික දවසකට ඕඩර්ස් ගන්න එක නවත්තන්න උනා ඒකත් බිස්නස් එක ටිකක් ඔලුව උස්සන්න ගද්දිම වුන එක තමයි දුක.

IMG-20220607-WA0014.jpg

අපි මුලින්ම prize list එක හදද්දි කුරියර් ගාස්තුවත් ඒකට එකතු කරල තමා හැදුවෙ . ඒත් පෙට්‍රල් ගනන් යන එකත් එක්ක ඒක දවසින් දවස වැඩි වෙද්දි අපි මාර විදියට අසරණ වුනා. මිනිස්සුන්ට වෙනම ඩිලිවර් චාජස් ගැන කියද්දි වැඩිය කැමති නෑ. ඒත් අකමැත්තෙන් වුනත් අපිට අන්තිමට ඒක කරන්න සිද්ද වුනා. අපි පොට් එකේ ගාන විතරක් දාල prize list එකක් අන්තිමට හැදුව. අපිට ඔය එක පොට් එකකින් තියෙන්නෙ රුපියල් 150ක් හෝ ඊට අඩු මුදලක්. ඒත් සම්පූර්ණ වරුවක් වැය කරන එකට . ඒ වගේම ඔතන කාඩ් ප්‍රින්ටින් වලට ය්ද්දි බයික් එකේ පිච්චෙන තෙල් වලට යන ගණන් ගන්නෙම නෑ ඒක අශේන්ට වෙන ලොකු පාඩුවක්. ඔතන 150 කිව්වට ඕඩර් එකක් ආවම තව කීයක් හරි ගාන අඩු කර්ල තමා අපි පොට් එක හදල දෙන්නෙ ඒක යන්නෙත් අපිට ලැබෙන ලාබෙන්. අනික ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ මේ කාලෙ 150 කියන්නෙ මොකක්ද කියල. මොකද අපිට ඕන වුනේ කස්ටර්මට උපරිම සාදාරණයක් කරන්න එයා ගෙවන ගානට. ගොඩක් කස්ටර්මස්ල කුරියර් ගාස්තුත් අපිට ගෙවනව පැලේ ගනිද්දි . ඉතින් පෙරේදා අපිට ඕඩර්ස් ටිකත් අරන් ගාල්ලට ගියා කුරියර් කරන අයගෙ ඔෆිස් එකටම පැල වලට වෙන හානිය අඩු කරගන්න ඕන නිසා. අන්තිමට කුරියර් කරද්දි තිබුන ගාන රු.400.00 පෙරේදා වෙනකොට ඒක එක තැනක 600 අනිත් තැන 500 ඉතින් මොකක් කරන්නද ඒ ගානට දීල පාඩුව කරගහන් එන්න අපිට සිද්ධ වුනා. මේක අපිටවඩා බලපාන අය කොච්චර ඇතිද කියල මට හිතුනෙ ඒ වෙලාවෙ.සමහර විට මේව රස්සාවක් විදියට කරන අය කුරියර් ගාස්තු මේවිදියට වැඩි වෙද්දි කොහොම දරාගන්නව ඇද්ද.

IMG-20220602-WA0006.jpg

ඔය ගාන තව වැඩි වෙනව ආයිත් පෙට්‍ර්ල් ගන්න් ගියාම . ඉතින් මොන ආකාරයක ඉන්න මිනිස්සුන්ටවත් ඔලුව උස්සන්න මේ අමන පාලකයන් ඉඩ දෙන්නෙ නෑ. ඉතින් අපි ටික දවසකට ඕඩර්ස් ගන්න එක නතර කරා. මේ ප්‍රශ්නය නිසා. මොකද පැලේට වඩා කුරියර් ගාස්තුව වැඩියි 😐 මිනිස්සුන්ට රට යන එක එකම විසදුම කරන්න අන්තිමට ඔවුන් සමත් වුනා. මොකක් හරි ගේමක් ගහල මේකෙ ඉදන්ම ගොඩ යන්න හිටපු උන්ට ඒක හීනයක්ම විතරක් කරන්න ඔවුන් සමත් වුනා. ඉතින් අපි ඉපදුනේ වැරදි කාලෙක වගේ නේද ????

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

හැමෝම මේ කාලේ මොකක් හරි දේකින් පීඩා විදිනවා 🥺

කියල වැඩක් නෑ අයියෙ 😐

Wede nam lassanai... Jayen jayama wewa mallilata....

Thanks ayye 😍

අලුත් දෙයක් කරලා ගොඩ යන්න හිටපු මිනිස්සු ගොඩක් අසරණ වුණා.😥

ඔව් ඇත්තටම 😪

mona de karanna giyath kohen hari hira wenwa😒

Eka thmai 💔