අද වැඩ ඇරී ගෙදර යන අතරමග දී සාහිත්‍යයට සම්බන්ධ මුහුණු පොතේ මිතුරන් කිහිප දෙනෙකු මුණ ගැසුණා.
එක් කෙනෙක් කාලෙකින් හමු නොවුණු නිහාල්ගෙ ආදිකාලීන මිතුරෙක්.
ඔවුන් අද සහ හෙට අනුරාධපුර තාවකාලික ලැගුම්හලක නැවතී සිටින අතරයි මාත් නිහාලුත් එතැනට ගියේ.
මේ නඩය ජනප්‍රිය නවකතාකරුවකු වන මොහාන් රාජ් මඩවල සහ ඔහුගේ සමීප සගයන් ටික දෙනෙක්.
මොහාන් නවකතා ගණනාවක් ලියූ ඉතා ජනප්‍රිය නවකතාකරුවෙක්, මාගම් සෝලිය, රැජිණ, වික්ටෝරියා, ලොවීනා, ID යනාදී ස්වතන්ත්‍ර ප්‍රබන්ධ රාශියක් ලියූ.
කලක සිට බිසෝ ප්‍රකාශන නමින් ප්‍රකාශන ආයතනයක් ඔහු සතුයි.
ඔහුගේ අළුත්ම නවකතා පොත "නිල් කට්රොල්" නමින් පසුගිය දා සීගිරි පරිශ්‍රයේ දී එළි දැක් වුණා.
මොහාන් ඉන් නොනැවතී නගර ගණනාවක දී සුහද හමු රාශියක් පවත්වමින් රට පුරා සැරි සරමින් සාහිත්‍ය රසිකයන් හමුවෙමින් සිටිනවා.
හෙට අනුරාධපුරයේ දී ද එවන් කතිකාවතක් පැවැත්වීමට සහ අප ඊට සහභාගි වීමට ද නියමිතයි.
පොතේ නමටම ගැලපෙන නිල්වන් සුන්දර පොත් කවරයක් නිමවා තියෙනවා.
මොහාන්ගේ මෙහි පැමිණි එක් මිතුරෙක් "ටිමා" යන ආදරණීය කෙටි ආමන්ත්‍රණයෙන් අප හඳුනන ප්‍රවීණ කිවියර ටිම්රාන් කීර්ති.
ඔහුගේ කුළුදුල් කවි පොත වූ "යන්නං චන්දරේ" සහ දෙවන පොත වන "පෙම්බරියගෙන් වෙන්වුණු ලූලෙක් වැටෙයි ඇලකට" ප්‍රමාණවත් කතාබහකට ඇගයුමට ලක් වුණා.
අළුත් කවි පොත "ඒ ජෙට් එකේ යන්නෙ සමන්සිරිමයි" මෙවර රජත මයුර සම්මානයෙන් පිදුම් ලැබුවා.
ටිමා කවදත් ජනප්‍රියත්වය හඹා නොයන වෙනත් අය අනුකරණය නොකරණ නිදහසේ කථන භාෂාව කවිය තුළ හසුරුවන කවියෙක්.
මොහාන්ගේ නිල් කට්රොල් සමඟ ටිමාගේ ජෙට් එක හෙට මෙහේ ගොඩ බෑමට නියමිතයි.
සෙස්ස පස්සට 😁.
Kiyala thiyana widihata nm katha hoday wage. Sahithya hamu wala awith katha karanne monada🌝
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පොත ගැනයි විචාරාත්මකව කතා කරන්නෙ.දේශන තුනක් .
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Loveena kiyewwa mama. Kiyawala iwara karalath mama sahena dawasak e kathawa athule jeewath una. Nilkatarol gena apitat kiyanna kiyewwama.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මං පොත එක වතාවක් කියෙව්වා. අද දේශන ටිකත් අහල ආයෙමත් පොත කියවලා ලියන්නම්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මොහාන් රාජ් මඩවලගෙ කතාවල ගලා යෑමට මම මාරම ආසයි. එක කාලෙක පොත් ටික ඔක්කොම හොයාගෙන කියෙව්වා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේ අළුත් පොත කියවන්න වටින අපූරු පොතක්. කාල යාත්‍රිකයකුගේ කතාවක්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
නිල් කටරොලු ගැන ලස්සන විචාර ටිකක් මම දැක්කා. පොත ගන්න වුණේ නෑ තාම. ඒත් මේකෙන් ගන් ඕනෙ උද්යෝගය වැඩි වුණා.
එයා මං ආසම කවියෙක්. ඒ ජෙට් එකේ ගියේ චන්ද්‍රසිරි මයි නේද?
මට මං ගැන දුකත් හිතෙනවා නිදහසේ පොතක් කියවගන්න වත් වෙලාවක් නැති එක ගැන.😪
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
සමන්සිරිමයි. 2020 රාජ්‍ය සම්මාන සහ රජත මයුර සම්මාන ලැබූ කාව්‍ය සංග්‍රහය. ටිමා මල්ලි අමුවෙන් නිදහසේ කටවහරෙන්
ලියන අනන්යතවක් හදාගත් ප්‍රවීණයෙක්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit