අවසරයි නික්මෙන්න මවුනි සරසවි! | 10% for SL Charity

in hive-133716 •  8 months ago 

IMG-20220131-WA0004.jpg

මට අද වගේ මතකයි මගේ ආදරණීය රුහුණ විශ්වවිද්‍යාලය ට ගියපු මුල්ම දවස. එහේ ඉඳන් සරසවි ජීවිතය විඳින්න ආස උනත් මං හෙද උපාධිය හදාරපු නිසා රුහුණ විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඈත තිබුණ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ මගේ අවුරුදු 4 ගෙවන්න උනා. ඒක වෙනමම අත්දැකීමක් කිව්වොත් හරි. මොකද මගේ උපාධිය අනුව වැඩි කාලයක් ගත කරන්න උනේ රෝහලේ. කොහොම උනත් මං අද ගොඩක් සතුටු වෙනවා මං තෝරගත්ත ක්ෂේත්‍රය ගැන.

ටික ටික සෙමෙස්ටර ගෙවිලා අන්තිම අවුරුද්දෙ අවසන් විභාගය කරන දවසත් ලං උනා. අපේ අවසන් විභාගය කරන්න තිබුණේ රෝහලේ. කොරෝනාව මැද්දේ කොහොම හරි අපි ඒකත් කරා. ආයේ නිල් පටිය දාලා හෙද සිසුවියක් විදියට මේ නිල ඇඳුම අඳින්නෙ නෑ කියලා මතක් වෙද්දි ගොඩක් දුකයි.

අවුරුදු 4ක් කිව්වට ඇත්තටම අවුරුදු 5ක් ගත උනා. යාලුවො එක්ක සුන්දර මතක එක්ක රෝහලේ අත්දැකීම් එක්ක ඒ ගෙවුන සුන්දර සරසවි ජීවිතය හරිම ලස්සනයි.

20220202_130525.jpg

ඉතින් අපිට මාතර තිබුණ රුහුණ විශ්වවිද්‍යාලයට යන්න උනේ මොනව හරි වැඩ වලට ගියපු වෙලාවකට තමයි. ඉතින් එහේ ගිහින් එන්න අපි හැමෝම ආසයි. මෙහේ ක්ලිනිකල් වලට හිර වෙලා හිටපු අපිට එහෙම දවසක් ගැන හිතන්න අමාරුයි. කොහොමහරි මං මගේ යාලුවො කීප දෙනෙක් එක්ක කැම්පස් එකට ගිහින් ආවා.

20220202_130918.jpg

ඉස්සරහම තියෙන වැව සුලගට රැලි නගන අපූරුව බලන්න ඉන්න හරිම ආසයි. පිල් විදහාගෙන ඉන්න මොණරුන් නම් හැමදාම දකින්න පුලුවන් දර්ශනයක්. ඒ වගේම තමයි සදලුතලේ කියන්නේ අපි හැමෝම ආස කරන තැනක්. එතනට කැම්පස් එකේ හැම තැනක්ම පේනවා. ඈත තියෙන නිල් පාට මුහුද වගේම කොල පාට ගස් කොලන් එක්ක ලස්සනට පේනවා. කොච්චර දවල් වෙලාවක උනත් එතනට හරිම හුලගයි.

20220202_131136.jpg

රුහුණ සරසවි මෑණියගේ සෙවණේ හිටපු අපිට නික්මෙන්න කාලය ඇවිත් දැන්. එහෙම හිතනකොටත් හිතට දුකක් දැනෙනවා. ඉතින් අවසරයි නික්මෙන්න මවුනි සරසවි! 🥺♥️

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

අපි නම් කැම්පස් සිලෙක්ට් උනත් නිකන් නොවුන වගේ
හෙහෙ.. 🙂🙂

අපිට අවුට් වෙනකොට කෝම දැනෙයි ද මන්ද 🙉

වැඩි හරියක් ගෙදර ඉන්න උනේ නේද මල්ලි 😕

Welcome to the society machan... Sure this will be a strong start to the bright future...

Thank you aiya 🙊♥️

You survived four years in the uni and cheers for that!

Hey, thank you 🙊♥️

like i have been waiting for you for a long time my friend anusha, you are so busy now, good luck to you friend, i miss you😍

Oh... Thank you dr... 😍I was so busy with my final year exams. Im back here. Lets continue... 🙊♥️

Surely you have beautiful memories with a long time it. 🙈

මොන තරම් උතුම් සේවයක් ද ? රැකියාවක් විදියට ලඝු කරන්න බැරි කැපකිරීම් එක්ක.

අනේ ආදරෙයි ඒ වචන ටිකට ♥️

ගැජුවේට් වෙන හෝ NTS වලින් එළියට එන නර්සසස් ලා කියන්නෙ මාරම ශක්තිමත් කට්ටියක්. කොච්චර කටු කන්නෙ ඕනෙද කියලා දැකලා තියෙනවනේ මං.
Congratulations darling!😍
You are amazing❤️.

Thnk you Prasadi! ♥️🙊

Campus kale kiyanne mathaka godak..

Conagratulations on completing your academics 😍.

Thank you Rasi! 🙊♥️

Congratulations dear 😊

Thank you 🙊♥️

idala hitala yaluwo hambunama amuthuma fit ekak enawa..aye yaddi thama duka.

Eka aththa...